රුදුරු කුණාටු මැද තනිවුන අලින්ගේ දුපත

එය පිහිටා ඇත්තේ ඇන්ටාර්ටික් කලාපයට සැලකිය යුතු තරම් දුරක් ඈතිනි. Elephant Island නමින් මේ ¥පත ලොව ප‍්‍රසිද්ධියට පත් වුණේ අර්නස්ට් ෂැකල්ටන් සහ ඔහුග් සහායක කණ්ඩායම එන්ඩියුරාන්ස් නෙෘකාවෙන් කළ ඇන්ටාර්ටික් ගවේෂණයේ දී ලද කණගාටුදායක ඉරණමට එය ද සම්බන්ධ වූ නිසාය. (ඒ කණගාටුදායක ඉරණම පිළිබඳව Cey’ Lit’ – Books and Reviews හි”එය ජයග‍්‍රහණයත් පරාජයත් අතර අවසාන සීමාව විය” නම් ලිපිය කියවීමෙන් දත හැකිය.* 1916 දී සිදු වු ඒ ගවේෂණ චාරිකාවේ දී සිදු වු ව්‍යසනය හමුවේ ආධාර පතා ඔහු ඇතුළු කණ්ඩායම මේ දිවයිනට ද යාත‍්‍රා කොට තිබේ.

නෙසේ වෙතත් වර්තමානයේ ජනයා ඊට පිවිසෙතොත් ඒ ඉතාම කලාතුරකින් අවස්ථාවක විය යුතුය. ඊට හේතුව අතිශයින් උපද්‍රවකාරී තත්ව සමුහයක් මැද එය පිහිටා තිබීමයි. දුපත ට යාත‍්‍රා කිරීම කොහෙත් ම පහසු කටයුත්තක් නොවන අතරම යාත‍්‍ර කල ද නැංගුරම් ලා හැකි ස්වාභාවික වරාය පිහිටීමක් දුපත් සීමාව තුල නොතිබීමත් ඉහතින් කී දුෂ්කරතා අතරට ගැනෙන තත්ව වේ. එහෙත් ඇන්ටාර්ටික් හි ගවේෂණයේ යෙදෙන ඇතැමුන් සැලසුම්සහගතව ඊට පිවිසුනු අවස්ථා ද නැතැයි කිව නොහැකි ය. එහි සියලූ තත්වා අභිබවා මතු වී නැගෙන ඵෙතිහාසික වටිනාකම හේතු කොටගෙන කොයි ආකාරයකින් හෝ ඊට පිවිසීමට ගන්නා උත්සහායන් ද ලොව නැතුවා නොවේ.

අලින්ගේ දුපත ඒ නමින් හැඳින්වීමට පටන් ගත්තේ 1821 යැයි සඳහන් වේ. ඉකුත් ගවේෂණ වාර්තා අනුව අතීතයේ දී මෙහි විශාල ප‍්‍රමාණයේ අලි පමණක් නොව සීල් මසුන් ද වාසය කොට ඇත. එහි ඇති රළු පර්වත බොහොමයක් අලින්ගේ ස්වරූපයෙන් දකින්නට ලැබීම ද විශේෂත්වයක් වේ. තවද ඒ රූ මෙහි ුලි ඇතුන් විසුවා යැයි කියන ඉකුත් මතකය සිහිගන්වන සුළු යැයි ද ලියැවී තිබේ. එහෙත් අද එහි නේවාසිකව සිටින්නේ පෙන්ග්වින් පක්ෂීන් සහ සීල් මත්ස්‍යයනන් පමණක්මය.

ඉහත දී ත් කී ලෙස යාත‍්‍රාවකින් එහි ගොස් නැංගුම් ලෑ හැකි ස්වාභාවික වරාය පිහිටීමක් මේ දුපත් සීමාව තුළ නැත. ඒ දුෂ්කරතාව කෙසේ හෝ මැඩ පවත්වාගෙන ඊට පිවිසුණත් එහි පාරිසරික සහ කාලගුණික හැසිරීම නිදහස් ගවේෂණ කටයුත්තක් වෙනුවෙන් කිසිදු ඉඩ ප‍්‍රස්ථාවක් ලබා නොදෙන බව ද කිව යුතුයි. බොහෝ පහලින් ඇති වළාකුළු ස්ථරයත්, අතොරක් නැතිව පහර පිට පහර එල්ල කරන ශීතල සහ ප‍්‍රචණ්ඩ සුළං ප‍්‍රවාහයනුත් හේතු කොටගෙන එය එසේ සිදු වන්නේ යැයි දත යුතුය.

South_Shetland-2016-Elephant_Island_(Point_Wild)–Bust_of_Luis_Pardo_01.jpg

A Shackleton memorial on elephant island in the Antarctic

අර්නස්ට් ෂැකල්ටන් සහ ඔහුගේ කණ්ඩායම මේ ¥පත ට ළඟා වන්නේ 1916 අවුරුද්දේ දී ය. ඒ වන විට සිදු වු ව්‍යසනයෙන් අතිශයින්ම පීඩනයට පත් ව සිටි මොවුහු සීරුමාරුවෙන් එම ප‍්‍රදේශය අත්හැර යාම ට කටයුතු කරමින් සිටියහ. ඔවුන්ගේ එන්ඩියුරාන්ස් නෞකාවේ අඩකටත් වැඩි පුමාණයක් ඒ වන විටත් අයිස් පර්වත තුළ සිර වී තවදුරටත් Fun-Geography-Facts-for-Kids-on-Ernest-Shackleton-an-Image-of-Ernest-Shackletonකිසිදු වැඩක් ගත නොහැකි තත්වයක ට පත් වී තිබුණේය. ඒ අනුව තමන්ගේත්, තම කණ්ඩායමේත් ගැලවීම පතා ඉතිරි වී තිබු යාත‍්‍රාවෙන් අලින්ගේ ¥පත දෙස ට යාත‍්‍රා කිරීමට ඔහු සැලසුම් කොට තිබිණි. ඒ ඔස්සේ යමින් ඊට අසල්වැසි දකුණු ජෝර්ජියානු දුපත් කරා කරා ගමන් කිරීම එම සැලසුමේ ඉදිරි පියවරක් විය. ඒ අනව ඉහතින් ද කී ආකාරයට ඉතිරි වී තිබු විවෘත බෝට්ටුවක නැඟී සම්පුර්ණයෙන් මිනිස් ශ‍්‍රමය යොදා ගනිමින් සිදු කල යුතුව තිබුණු ඒ ගමනේ දුර සැතපුම් 800 (කි. මී. 1,287*ක් විය. අදාල සැලසුමට අනුව මුලින්ම අලින්ගේ ¥පත ට ගිය ෂැකල්ටන් ඇතුළු කණ්ඩායම ට සිතාගෙන සිටි ආකාරයට වැඩි කාලයක් ¥පතේ නතර වී සිටීම ට සිදු වුණේ බලාපොරොත්තු නොවු ආකාරයක ට එහි කාලගුණය වෙනස් වී අතිශය අයහපත් තත්වයක් නිර්මාණය වීම නිසා ය. ඒ අනුව මාස 4 ක කාලයක් ඔවුන් ඒ දුපතේ බිහිසුණු පාරිසරික සහ කාලගුණික තත්වයන් ට මුහුණ දෙමින් ගත කොට තිබේ. ඒ කාලයේ දී අටවා ගත් කූඩාරම්වල අසීරුවෙන් වෙසෙමින් ආහාරය සඳහා එක දිගට එහෙත් අසීරුතා මැද මරාගත් සීල් සහ පෙන්ග්වින් සතුන්ගේ මස් කමින් විසු බවක් ද සඳහන් වේ. තවද එහිදී ඔවුන් සිය මානසික ආතතිය මැඩ පවත්වා ගැනීමට ගිත ගායනයත්, කතාන්දර කීමත් සිදු කොට ඇතැයි ද පැවසේ. එහෙත් කොයි ආකාරයෙන්වත් එය විනෝදාත්මක තත්වයෙන් සිදු වුයේ යැයි පෙන්වා දිය හැකි තත්වයක් නම් නොවීය. වඩාත් නිවැරදිව කියනවා නම් එය වනාහි මිනිසුන් වශයෙන් විඳ දරාගත හැකි සීමාවෙන් ද ඔබ්බට ගොස් මනුෂ්‍ය සංවේදීතාවන් විඳ දරා ගැනීමක් ම වුයේය. ඒ ඛේදාන්තය තුළ දී කොයි මොහොතක හෝ පැමිණෙන නෞකාවකට ගොඩ වී දිවි ගලවා ගැනීමේ අවිනිශ්චිත බලාපොරොත්තුව හැරුණු කළ අන් සෑම දෙයකින්ම ඔවුහු හිස් වී සිටියහ.

එවැනි අසීමිත කටුක පැවැත්මක ට හිමිකම් කියන අලින්ගේ ¥පත තුළ ලොව වන ජීවි සහ ක්ෂුද්‍ර ජීවි අධ්‍යයන කටයුතු සිදු කිරීම, අත්හැර දැමු තත්වයකට පත්ව ඇතැයි කීමෙන් සිදුවන වරදක් නැත. ඒ අනුව එය මානව ක‍්‍රියාකාරකම් වලින් මුළුමනින්ම වාගේ ඈත් වුවක් ද වේ. එවැනි පසුපබිමක සියවස් ගණනාවක් තිස්සේ මිනිසුන්ගෙන් තොර මේ හුදෙකලා ¥පතේ වෙසෙන්නා වූ ශ්‍රේෂ්ඨයින් බව ට පත් වී සිටිනුයේ සීල් මත්ස්‍යයන් ය. එමෙන්ම පෙන්ග්වින් පක්ෂීන් ය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s