Home

Welcome to our new site! 


වන පෙතක ස්වභාවය මතු නොව එහි හැසිරීම වනයට නොපිවිස විඳගත නොහැකිය. කුටියක සිර වී පරිකල්පනය කළ නොහැකිය. වනයට පිවිස එහි ඇති උස් බිමකට නැඟ අ\ුර ද, ත‍්‍රාසය ද, සෞන්දර්යය ද සිතින් සිතිය නොහැකි අයුරින් විඳින පරිසරවේදියෙකුට දැනෙන උදාරත්වය සුළුවෙන් තැකිය නොහැකිය. තමා ද මේ ස්වභාවයේම ජෛව පුකාශනයක්ය යන්න ඔහු මහත් හැඟීමකින් යුතුව එතැනදී ඔහු වටහා ගනියි. මේ අතර දහවල අවසන් කොට සැඳෑ සීමාවෙන් හිරු බැස යද්දී වනය ශෝකාකූල නිහඬතාවයකට පත් වෙයි. එවැනි නොඉ\ුල් නැවුම් භූමියක, වනාන්තර හේඩාවක ඇතැම් විට ශෝකයත් රසයක් වේ.

ඉනික්බිතිව වන පෙතට ? අ\ුර පැමිණෙයි. ඒ රාත‍්‍රීයේදී ක\ු, පර්වත, මහා රුක් අ\ුරු සෙවනැලි බවට පත් වේ. ගලා යන ජල ධාරාවන් නිහඬ රාති‍්‍රය අනුව යමින් නිශ්ශබ්ද වී තිබේ. එහෙත් එක්වනම වන පෙත සොලවමින් ඒ හඬ නැගී එන්නේය. ඒ ඇත් කුංච නාදයකි. වන පෙතේ සැබෑ ස්වාමියා ඔහුය.

එහෙත් අද දවසේ සිය උරුම වන පෙතටත්, මංකඩ වලටත් තිබූ අයිතිය අහිමිව අනාථයෙකු බවට පත්ව සිටින්නේද ඔහුමය. මිනිසා විසින් නිර්මාණය කරන ලද අලි මිනිස් ගැටුම හේතුවෙන් තැන තැන වැටී මිය යන තැනටම අද ඔහු ඇද වැටී සිටිය

ඇත්ත එයයි..

කිසිදු රජයක් ඒ සම්බන්ඨයෙන් සිදු කළ දෙයක් නැත. තැන තැන කැඞී බිඳී ගිය අලි වැටවලින් පලක් ද නැත. මේ, ඒ කතාවයි.

LATEST POSTS

ගල් පර්වත මත වෙසෙන අලි ඇතුන්

අලි ඇතුන් වනගත ජීවිතයේ දී මෙන්ම මිනිස් වාසයේදීත් බුද්ධිමත්ව හැසිරෙන සත්ව විශේෂයක් වේ. ඔවුහු සත්වයින්ගෙන් බලාපොරොත්තු විය නොහැකි ආකාරයේ බුද්ධියක් පෙන්වති…… අනාරක්ෂිත පාලමක්, මාරාන්තික මඩ සහිත ගැඹුරු ජලාශයක් හා ප්‍රපාතාකාර බෑවුමක් වැනි තැනක් ඔස්සේ යනවිටදි සිය සිරුරේ විශාලත්වය නිසා ඇතිවිය හැකි අනතුරක් වේනම් එය ස්වයංව වළක්වා ගැනීමේ පුදුම සහගත හැකියාවක් අලි ඇතුන් සතුව ඇත.පොදුවේ පිලිගන්නා…

පිරිමියාගේ වගකීම

ඒ වනාන්තර කලාපය තුළ තවමත් හිරු නොපෑයූ අඳුරේ, වන සෙවනැලි අතරේ ඉදිරියට ඇදී යන අලි රංචුව සිය දෛනික ආහාර වේල වෙනුවෙන් වෙහෙසෙමින් සිටිති. අලි රංචුවක් යනු ස්ත්‍රී මූලික සමාජයකි. ඒ අනුව පිරිමි හස්තියෙකු අලි රංචුවක් සමඟ ගමන් කරනු ලැබීම විරල දර්ශනයකි. අලි රංචුවක් සමඟ ගමන් කරන පිරිමි සතුන් එක්කො අලුත උපන් පැටවුන් ය. එසේ නැත්නම්…

උඩරට ඇත් පරපුර

ලංකාව අතීතයේ සිටම අලි ඇතුන් ගහණ දූපතක් හැටියට ප්‍රසිද්ධ ය. ටොලමිගේ ලංකා සිතියමේ පවා අලි ඇතුන් කළු පැහැයෙන් දක්වා තිබුණු බව ප්‍රසිද්ධ කරුණකි. එනිසාම අතීතයේදී එලිෆන්ට් අයිලන්ඩ් නමින් ලංකාව හඳුනාගැනීමට ද කටයුතු කොට තිබේ. කෙසේ වෙතත් පසුව ජනාවාසකරණය වෙමින් නගර කේන්ද්‍රීයව රාජධානි ගොඩ නැගෙද්දී එතෙක් වනවාසීව සිටී මෙම සත්ව විශේෂය ගෘහාශ්‍රිත වෙමින් මිනිසා හා සමීප…

වස්ගමුව ජාතික වනෝද්‍යානය හා වන අලි ගැටලුව

බටහිර (ඓතිහාසික) සුදු කන්දට උතුරින් අඹන්ගඟට දකුණින් දුනුවිල ඔය සීමාවේ වස්ගමුව ජාතික වනෝද්‍යානය පිහිටා ඇත. එහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 39,322 කි. වනෝද්‍යානයක් වශයෙන් එය ප්‍රකාශයට පත් වූයේ 1984 දීය. දළ වශයෙන් ගත් කළ මහනුවරට කි. මී. 50ක් ඊසාන දිගින් පිහිටි වස්ගමුව මධ්‍යම හා උතුරු මැද පළාත්වල, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක තුළ පිහිටි වන බිමක්…

Loading…

Something went wrong. Please refresh the page and/or try again.

Panel 1

About

Past and New Governmant manifestos promising a solution to the human elephant conflict. Many blame Wildlife Officiers for not providing a Viable solution to the problem. However, the Departmant of Wildlife  Conservation (DWC) Can not provide alone, solution for this matter. the solution  for the this conflict brought about  by the main stake holders of this issue. also want to discussion a best plan for Wild Elephants Conservation.

ලංකාවේ වනාන්ර සෙවනේ වෙසෙන අලි ඇතුන් සම්බන්ධයෙන් ලියැවුණු දියුණු සාහිත්‍යයක් අදටත් අපට නැත- ඒ සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණය කරමින් ලිවීමට පුලූල් ඉඩකඩක් මෙරට තිබිය දීත් අපේ සාහිත්‍යකරුවන් ඊට යොමු නොවුයේ මන්ද යන්න සම්බන්ධයෙන් මා දකින්නේ ඒ වනාහි වටහාගත නොහැකි ගැටලූවක් ලෙසිනි- අනිත් අතට මේ වන විට ලියැවී ඇති සාහිත්‍යයික සටහන්හි පවා දැකිය හැක්කේ දොස් සහිත හඳුණාගැනීම් වේ- තමන් උපන් බිම වනාන්තර පරිසරයන්හි වෙසෙන ප‍්‍රධානම සත්ව විශේෂයක් මතු නොව මිනිස් ඇසුරට පවා හුරු කරගත් සත්ව විශේෂයක් වන අලි ඇතුන් සම්බන්ධයෙන් මේ තරම් උදාසීන සාහිත්‍යයික අවධානයක් දැක්වීම කණගාටුදායක තත්වයක් බව මෙසේ ලියා දක්වන්නේ ඊට සාපේක්ෂව විදේශීය ලේඛකයින් මෙරට අලි ඇතුන් ගැන තොරතුරු සොයා වාර්තා කොට ඇති පුලූල් සාහිත්‍යයික පසුබිමක සිටිමිනි-
විශේෂයෙන්ම බ‍්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙරට සේවයේ නියුතුව සිටි බ‍්‍රිතාන්‍ය පරිපාලන නිලධාරීන් එකී කටයුතු අතරේ දීත් සොයා සටහන් කොට ඇති එකී තොරතුරු සුලූවෙන් තැකිය නොහැකි වේ- ඒ තොරතුරු වාර්තා සැමවිටම සත්‍යය යැයි ගත නොහැකි වුණත් ඔවුන් ඒ ආකාරයෙන් කටයුතු කිරීම හේතුකොටගෙන අපට විවෘත වී ඇති දොර කවුලූ ගැන පලල් ව සිතිය යුතු වේ-


elephantislandsite.wordpress.com නම් මෙම වෙබ් කලාපය ඔබ හමුවේ මෙසේ ප‍්‍රකාශයට පත් වන්නේ ඉහතින් කියැවුණු සාහිත්‍යමය අවශ්‍යතාව ද මුල් කොට ගෙන වුණත් එකම පාදක අරමුණ එය නොවන බව ද කිව යතු ය- විශේෂයෙන්ම තත්කාලීනව මෙරට අලි ඇතුන් මුහුණ පා සිටින අතිශය අසාධාරණ අසංවේදී ඉරණමත් ඊට අදාලව මෙරට පරිසරවේදීන් මුල් කොටගත් සියලූ ක‍්‍රියාකාරීන්ගේ නිර්භීත වූත් අවංක වූත් උත්සහායන් වෙනුවෙන් පෙනී සිටීම ද මෙම වෙබ් කලාපයට අදාලව ප‍්‍රධාන පෙලේ පාදක අරමුණක් වේ- තවද මෙය ඒ වෙනුවෙන් නිර්මාණය කල පාදක ස්ථානයක් ද වේ-
කෙසේ වෙතත් මේ වෙබ් කලාපය අලි ඇතුන් සම්බන්ධයෙන් යොමු වුණ සාහිත්‍ය පිටුවක් වශයෙන් ගැනීමේ කිසිදු වරදක් නැත- එමෙන්ම ඔවුන්ගේ ඉතිහාසය හා බැඳුණු පුරා විද්‍යාත්මක සොයා ගැනීම් මතු නොව දෙස් විදෙස් අලි ඇත් සාහිත්‍යය ද අපගේ අවධානයෙන් ගිලිහෙන්නේ නැත- අපත් සමග සිටින්නා වූ පාඨකයින්ගේ නොමද අවධානය වෙනුවෙන් අප මේ උත්සහාය අත් නොහරින බව ද ඒ උත්සහායට ඔබගේ එකතු කිරීම් අවශ්‍ය බව ද ඔබේ අවධානය ට මෙසේ ලියා තබමු- ස්තූූතියි-


අපිට වෙනස් වෙන්න කාලය ඇවිත්

රජෙක් නැතිව වෙන එකක් තියා ප‍්‍රාදේශීය පාලකයෙකුවත් නැතිව සාහිත්‍යකරුවන්ගේ ම මැදිහත් වීමෙන් සාහිත්‍ය වංශයක් අපේ සාහිත්‍ය ඉතිහාසයට එක් කල දකුණු ලක මාතර පුරවරයට යෑමට පසුගිය දා මට සිදු විය- ඒ සුසර පොත් ප‍්‍රකාශන සමාගම සිය අලූත්ම ශාඛාව එහි විවෘත කල ඒ උත්සවයට හභාගි වීමට ය- ඒත් එකම අරමුණ එය නොවී ය- මාවිසින් සංස්කරණය කල සුසර […]


අවසාන කුංච නාදය

වෛද්‍ය නන්දන අතපත්තු
සංස්කරණය -මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ
සුසර ප‍්‍රකාශනයක්

Panel 2

Contact

j1d1r1p1n1s1m1